ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර් ජාතික ප්‍රජාව විසින් ජිනීවාහිදී ඉදිරිපත් කිරීමට නියමිත ‘අසාධාරණ චෝදනාවලිය ‘ පරදවාලීම උදෙසා අධ්‍යාත්මික බලවේගයක් නිර්මාණය කිරීම සහ එම සැසි වාරයට සහභාගීවන ශ්‍රී ලාංකික නියෝජිත පිරිස දිරිමත් කිරීමත් ඔවුනට සෙත් පැතීමත් අරමුණු කර ගනිමින් දිනපතා ජය පිරිත් සහ චක්ක පිරිත් දේශනා පැවැත්වීම සඳහා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානය අරඹා ඇත.
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් මුදවා ගත් පෙබරවාරි මස 4 වැනි දින ආරම්භ කැරුණු මෙම විශේෂි පිරිත් සජ්ජායනා වැඩපිළිවෙල පැවැත්වෙන්නේ මෙතෙක් දෛනික පැවැත්වුණු සෙත්පිරිත් සජ්ජායනාවට අමතරවය.
ඒ සඳහා විහාරධිපති තවලම ධම්මික සහ විහාරවාසී හල්විටිගල සුජාත යන හිමිවරු සහභාගී වෙති.

