ශ්‍රී ලංකාවේ සංචාරයකට එන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුට විදේශ ඇමැති මංගල සමරවීර මහතා අද ආරාධනා කළ බව විදේශ අමාත්‍යංශය කියයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි සැසිවාරය ලබන මාර්තුවේ දී පැවැත්වීමට නියමිතය.
එහි දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ වාර්තාව එළි දැක්වීමට සූදානම් වෙයි.
පැවැති රජයෙන් ද හුසේන් කුමරට ආරාධනා කළත් ඊට ප්‍රතිචාරයක් නොලැබිණි.

