ශ්‍රී ලංකාවට යන විදේශිකයින් හට මුහුණ පෑමට සිදුවන ලොකුම අතවරය ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ් සොරකම් කිරීම බව පසුගියදා බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය මඟින් නිකුත්කර නලද උපදෙස් පත්‍රිකාවෙහි දැක්වෙයි. අප රටේ වර්තමාන වාතාවරණය පිළිබඳව බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට යන සියලුමදෙනා දැනුවත් කිරීමේ අරමුණෙන් නිකුත්කර ඇති එම උපදෙස් මාලාව මඟින් අවධාරණයකර ඇත්තේ ශ්‍රී ලංකාවේ පිළිගත් බැංකුවක් හෝ ප්‍රධානපෙළේ හෝටලයකදී ඇරෙන්නට වෙන කිසිම ස්ථානයකදී විද්‍යුත් යන්ත්‍ර භාවිතාකර මුදල් ගැනීම අනතුරුදායක බවය.
එම ලිපියෙහි අනතුරු දැක්වීමක් වශයෙන් සඳහන්කර ඇත්තේ ශ්‍රී ලංකාව පුරාම සංවිධානාත්මක ආයුධ සන්නද්ධ මැර කල්ලි ක්‍රියාත්මක වන බවත් මොවුන් බලෙන් පැහැරගෙන යෑම් සහ කොල්ලකෑම් ඇතුළු භයානක අපරාධයන්ට සම්බන්ධ බවත්ය. එසේවුවත් එවැනි අපරාධකරුවන් විදේශ සංචාරකයින් ඉලක්කකරගන්නේ කලාතුරකින් බවද එහි දක්වා ඇත.
විදේශිකයින් ඉලක්ක්කරගත් ස්ත්‍රී දුෂණ කිහිපයක් පසුගිය වකවානුවේදී වාර්තාවී ඇති බැවින් ශ්‍රී ලංකාවට යන කාන්තාවන් මේ පිළිබඳව සැලකිලිමත්වීම වැදගත්වන බවද එම ලිපියෙහි දැක්වෙයි.
2011 දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනයට ලක්වීම පිලිබඳව සඳහන් කරන එම ලිපිය ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය බ්‍රිතාන්‍යයට සාපෙක්ෂිතව මන්දගාමී බවක් පෙන්නුම්කරන බවද ශ්‍රී ලංකාවේදී මුහුණදුන් අතවරයන් පිළිබඳව බ්‍රිතාන්‍ය පුරවැසියන් විසින් ගොණුකර ඇති නඩු විභාග කිහිපයක්ම අනවශ්‍ය ආකාරයට ඇදී යමින් පවතින බවද දක්වයි.
ප්‍රධාන පෙලේ හෝටල් අතුලු නවාතැන්පලවල් තුලදී පෞද්ගලික බඩු බාහිරාදිය අතුරුදහන්වීම සාමාන්‍ය දෙයක් වන තරමට අනාරක්ෂිත තත්වයක් උද්ගතවී ඇති බව දක්වා ඇති එහි විදෙස් ගමන් බලපත්, මිලමුදල් සහ අනෙකුත් වටිනා බඩු බාහිරාදිය පරෙස්සම්කරගැනීම සඳහා කටයුතුකිරීමට වගබලා ගන්න ලෙසද දක්වා ඇත.
පදිකවේදිකාවල සහ කඩමණ්ඩි වලදී වෙළෙන්දන් සහ පාරිභෝගිකයින් අතර සණ්ඩු සරුවල්වීම නිතර දෙවේලේ දැකිය හැකිදෙයක් බැවින් එවැනි තැන්වලට යාමෙන් වලකින ලෙසටද එවැනි ස්ථානයකට යන්නේනම් මේ තැන්වල ඉන්නා කළහකාරී වෙළෙන්දන් මගහරින ලෙසටද උපදෙස් දී ඇත.
උතුරු නැගෙන හිර පලාත්වල සංචාරය කිරීම, මුහුඳේ නෑම, වාහන පැදවීම සහ කුලී රථ භාවිතය වැනි කටයුතු සම්බඳවද විස්තරාත්මක උපදෙස් එම ලිපිය මඟින් පෙන්වාදී ඇත.
විශේෂයෙන් මහජනයා රැස්වන ස්ථාන සහ දේශපාලන රැස්වීම් පැවැත්වෙන ස්ථාන වලට නොයන ලෙසටද අවවාද කර ඇත.