ලංකාවට ඉතාලියෙන් පිළිකා රෝහලක් ?


ඉතාලියේ පසු ගිය ඡන්දයෙන් දිනු  පී ඩී එල් පක්ෂය  ශ්‍රි ලංකාවට  පිළිකා රෝහලක් පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කළ බව  ඉතාලියේ පදිංචි  ශමීන් පණ්ඩිතරත්න මහතා කියයි.

තම පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයින් දැක් වු සහයෝගයට  කළගුණ සැලැකීමක් වශයෙන්   මෙම පරිත්‍යාග කරන බව  එම ඉතාලි නියෝජිතයන් පණ්ඩිතරත්න මහතාට පවසා ඇත.

මේ අතර මිලානෝ නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයින් ලබන සැප්තැම්බරයේ හමුවී සාකච්ඡා කිරීමටද  පී ඩී එල් පක්ෂය අදහස් කරන බවද පණ්ඩිතරත්න මහතා පවසයි.