
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මොනරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් හතරක් මේ වනතෙක් කිසිම අධිකරණ කලාපයකට ගැසට් වී නැතැයි මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ධර්මසිරි විජේසිංහ මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද (20) අනාවරණය කළේය.
ගල්ගමුව ,නෙල්ලියක්ද,මුල්ලේ ගම සහ ඉඟිනියාගල යන ග්‍රාම නිලධාරී වසම් හතර මෙලෙස කිසිම අධිකරණ කලාපයට ගැසට් වී නැති බව කී මන්ත්‍රීවරයා මේ නිසා රාජ්‍ය නිලධාරීන්ද විවිධ අපහසුතාවලට ලක්වෙන බව සඳහන් කළේය.
මෙම ගැටලු සහගත තත්ත්වය නිසා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඉඩම් සන්තකය පවරා ගැනීමේදී නඩු කටයුතු කිරීමට අපහසු වෙන බව කී මන්ත්‍රීවරයා එමෙන්ම පොලිසියට යම් කරුණු කාරණා සම්බන්ධයෙන් නඩු පැවරීමේදී අපහසුතා විඳින්නට සිදුවෙන බව පැවසීය.
මෙම ග්‍රාම නිලධාරී වසම් හතරෙන් ඉඟිනියාගල ග්‍රාම නිලධාරී වසම අම්පාරටත් අනෙක් ග්‍රාම නිලධාරී වසම් තුන බිබිල අධිකරණ කලාපයටත් ගැසට් කළහොත් ප්‍රදේශවාසීන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට පහසුවක් වන්නේ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

