ශ්‍රී ලංකාවට සිය ඉදිරි ගමන් මගෙහි අභියෝග රැසක් ජයගැනීමට ඇති බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් පැවැසුවාය.
විදේශ අමාත්‍ය මංගල සමරවීර සමඟ අමෙරිකාවේ වොෂිංටන් නුවර සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඇය එසේ කීවාය.
සංහිඳියාව සහ යුක්තිය ඉටුකරලීම සම්බන්ධයෙන් වැදගත් ක්‍රියාමාර්ග රැසක් ගැනීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙන බවත්, එම ගමන් මග අභියෝග රැසක් පැවතිය හැකි බවත් ඇය කීවාය.

