බිඟුන් මේනක ගමගේ
මාවෝ සේතුංගේ කීර්තිනාමය හා සමාජවාදයේ ගෞරවය අකා මකා දමමින් දූෂිත දේශපාලකයන් බලයට ගෙන ඒමට චීන රජය කැස කවන්නේ යැයි චෝදනා කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා මෙරට චීන තනාපති යි ෂියෑංලියෑන් මහතාට දැඩි විවේචනාත්මක ලිපියක් යොමු කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය චීනයට සමීප නොවුණ ද සමාජවාදය යන වචනය සමීප නොවන්නේදැයි ප්‍රශ්න කරන හෙතෙම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් ලංකාවට ඇති යැයි තම ලිපියෙන් අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රශ්න ශ්‍රී ලංකාවට විසඳාගැනීමට ඉඩ දෙන්නැයි ද දේශපාලන ගනුදෙනු සඳහා මුදල් අනවශ්‍යය යැයි ද මහාචාර්යවරයා ලිපියේ සඳහන් කර ඇත.
අධික පොලියට චීනයෙන් ලබාගත් ණය ගෙවීමට දායක වන්නෙකු හැටියටත් ජාතික ආර්ථිකයට දායක වන්නෙකු හැටියටත් මෙම කරුණු දැක්වීම හා දන්වා සිටීම කරන්නේ යැයි ද මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා තම ලිපිය මගින් වැඩිදුරටත් තානාපතිවරයාට පවසා ඇත.