ශ්‍රී ලංකාවේ නම ‘සිංහලේ‘ යනුවෙන් වෙනස් කර ජාතික කොඩිය ලෙස 1815ට පෙර පැවැති කොඩිය භාවිතා කළ යුතු යැයි බොදු බල සේනාව යෝජනා කරයි.
විධායක ජනාධිපති ක්‍රමය හා පළාත් සභා ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවේ නමද වෙනස් කර ආසන ගණන සියය දක්වා අඩු කළ යුතු යැයි ද බොදු බල සේනාව යෝජනා කරයි.
මහා සංඝරත්නය වෙනුවෙන් සංඝරාජ හිමි නමක් පත් කර බෞද්ධාගම සම්බන්ධ සියලු තීරණ සංඝරාජ හිමියන්ගේ අනුමැතියට යටත් කළ යුතු බවත් සියලු ආගම්වලට නිදහස දිය යුතු බවත් බොදු බල සේනා ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ කියයි.
මෙම යෝජනා දේශපාලන පක්ෂ මහජනයා තානාපතිවරුන් සමග සාකච්ඡා කරන බව ද ඔහු පවසයි.

