ලංකාව බොලිවුඩ් අධ්‍යක්ෂවරුන්ට අත වනයි


බොලිවුඩ් සිනමාවේ ප්‍රධාන චිත්‍රපට සංචාරක සංසදය විශේෂ වැඩමුළුවක් පසුගියදා ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්විණි.

 මුම්බායි කොන්සල් ජනරාල් සරෝජා සිරිසේන මහත්මිය එහි ආරාධිත දේශනයක් පැවැත්විය. සොබාදහමේ දායාදයන්ගෙන් පිරි  සුන්දර ශ්‍රී ලංකාවට පැමිණ තම චිත්‍රපට රූගත කිරීම් කරන්නැයි  ඇය බොලිවුඩ් අධ්‍යක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

තමාගේ ආරාධනාවට සුබදායි ප්‍රතිචාරයක් ඉදිරියේදී ලැබෙනු ඇතැයි සරෝජා සිරිසේන මහත්මිය පවසයි.

 

DSC_0232-(1)