ලංකාව නිවැරදි පාරේ යන බව මහ බලවතා කියයි


ශ්‍රී ලංකාවේ නිවැරදි ගමන් මඟ පිළිබඳ ප්‍රසාදය පළ කරන බව අමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී  පවසයි.

එසේම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය දිගටම ලබාදීමට අමෙරිකාව සූදානම් බවද ඔහු කීවේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති හමුවකදී රාජ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය සඳහා තම රජය කැපවී සිටින බවත් ශ්‍රී ලංකාව සුබවාදී ප්‍රගතියක් ලබා ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා මෙම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව අවාධාරණය කළේය.

සංහිඳියා වැඩපිළිවෙළ උදෙසා ඇතැම් අන්තවාදීන් බාධා සිදු කළ ද රජය අධිෂ්ඨානශීලීව සංහිඳියා අරමුණු ජයගැනීමට කැපවී සිටින බව ජනාධිපති කීවේය.