රෝමය මූලස්ථානය කරගත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 2013 සභාපති පදවියට රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා නිතරඟයෙන් පත්විය.
රටවල් 132ක නියෝජිතයෝ මීට එක්වූහ. අසිත පෙරේරා මහතා එහි ආසියා උප සභාපතිවරයාද විය.
සංවර්ධනය වන රටවල අන්තර්ජාතික ආර්ථික හා සමාජ සංයමය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් 1964 රටවල් 75ක සහභාගිත්වයෙන් මේ සංවිධානය පිහිටැවිණි.

