ලංකාව ගැන කියන්න මිනිත්තු 20 ක්


ස්ව්ට්ස්ර්ලන්තයේ  ජිනීවා නුවර  එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කවුන්සිල රැස්වීමට ගිය වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (04) යළි දිවයිනට පැමිණියේය.

මේ සතියේ  ශ්‍රී ලංකාව ගැන කිසිවක් සාකච්ඡාවට   නොගැනෙන නිසා  ඔහු ආ බව දැනගන්නට ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ  විශ්ව කාලීන සමාලෝචන සැසිවාරය  ඇරැඹෙන ලබන 15 වැනි දා  ශ්‍රි ලංකාව වෙනුවෙන්  කරුණු දැක්වීමට යළි ඔහු යයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන්  කරුණු දැක්වීමට ඔහුට  මිනිත්තු 20 ක් ලැබී ඇත.