ලොව හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව පත්වී ඇතැයි ඇමෙරිකාවේ ෆොක්ස් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටී.
ඇමෙරිකාවේ සංචාරක සමාගම් කිහිපයක සංචාරක වාර්තා පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට තේරී තිබේ. එහිදී ලොව සංචාරයට සුදුසු ගමනාන්ත නම් කර ඇති අතර එහි ඉදිරියෙන්ම පසුවන්නේ ශ්‍රී ලංකාව බව ද ෆොකස් නිව්ස් වාර්තා පවසයි.
යුනෙස්කෝ ලෝක උරුමය ලෙස නම් කළ ශ්‍රී දළදා මාලිගය, සුන්දරත්වයෙන් යුතු වෙරළ තීරය, දියඇළි, තේ වගාව ඇතුළු තුරුලතා හා වනෝද්‍යානයන් ගෙන් පිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෙලෙස ලොව හොඳම සංචාරක ගමනාන්තයක් හිමි රටක් ලෙස නම් කිරිමට හේතුවී ඇත.
මේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය කොලොම්බියාවටද තෙවැනි තැන ජපානයට හිමිවී ඇත.
ස්විට්ස්ර්ලන්තය, ග‍්‍රීන්ලන්තය, ඇමෙරිකාවේ ඔහියෝ, චීනය, ජෝර්ජියාව, මොන්ටිනීග්‍රෝ සහ නිකරගුවා යන රාජ්‍යයන් හොඳම සංචාරක ගමනාන්තය හිමි රටවල් දහය අතුරට තේරී පත් වී සිටිති.










