ලංකාව ඉන්දියාවට විරෝධය පළ කරයි


ඉන්දියාවේදී මෑතකදී සිදුවූ ශ්‍රී ලාංකිකයන් බිය වැද්දවීම් විශේෂයෙන්ම තන්ජුවුර්හිදී සහ චෙන්නායි නුවර මධ්‍යම දුම්රිය ස්ථානයේදී ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේ දෙනමකට එල්ල වූ සාහසික ප්‍රහාරය පිළිබඳ ශ්‍රී ලංකා රජය කණගාටුව ප්‍රකාශ කරන බව නිවේදනය කරයි.

තමිල්නාඩු ප්‍රාන්තයේදී ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේට පහර දීම හා සම්බන්ධ සිද්ධීන් පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශය නව දිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ චෙන්නායි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියා රජය වෙත සිය බලවත් විරෝධය දක්වා ඇත.

ඉන්දියාව සමග අප පවත්නා මිත්‍ර සම්බන්ධතා අපකීර්තියට පත් කිරීමට උත්සාහ දරමින් විවිධාකාර අරමුණු ඇති දැඩි මතධාරී ක්‍රියාකාරීන් විසින් සිදු කරනු ලබන මෙවැනි ප්‍රහාර ශ්‍රී ලංකා රජය හෙළා දකින අතර ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරය කිරීමේදී ප්‍රවේසම් සහගතව කටුයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජයට ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අත්‍යවශ්‍ය හේතු මත තමිල්නාඩුව වෙත යෑමට සිදු වන අවස්ථාවලදී, එහි යෑමට පෙර, ඒ පිළිබඳව චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලාංකිකයනගෙන් ඉල්ලීමක් කෙරේ.

චෙන්නායි නුවර පිහිටි නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ලිපිනය දුරකථන අංකය සහ සෙසු තොරතුරු පහත දැක්වේ.

56, ස්ටර්ලිං පාර, නුන්ගම්බක්කම්, චෙන්නායි - 600034

0091 44 28 24 18 96

 0091 44 28 25 26 12

 00 91 44 28 24 10 47

ෆැක්ස් 0091 44 28 24 18 94