(විමුක්ති එස් රුද්‍රිගු)
අප්‍රේල් මාසයේ ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
නව දිල්ලිය බෝට්ටු සේවය ආරම්භ කිරීම සඳහා තෝරාගෙන තිබූ වරාය වෙනස් කිරීම එයට හේතු වී ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දී තිබෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ.
නාගපට්නම් වාරයේ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා තවත් දින කිහිපයක් ඉන්දියාව ඉල්ලා තිබෙන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

