සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් සංවිධානය කළ සංචාරක ප්‍රවර්ධන වැඩමුළුව නිම වුයේ විවිධ විෂයන් නිමාවට විවිධ විෂයයන් ඔස්සේ ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිපල ලැබීමේ ප්‍රවනතාවයක් ඇති කරමින් බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් (වෙළද )ගයාන් රාජපක්ෂ මහතා පැවසිය.
මෙම වැඩමුළුවේ දෙවැනි අදියර ලෙස පසුගියදා දමාම් “නොවොටෙල්” හොටෙල් සංකීර්ණයේදී සෞදි ව්‍යාපාරික ප්‍රජාව,විවිද රටවලට අයත් සංචාරක නියෝජිතයෝ, ශ්‍රී ලාංකා සංචාරක කර්මාන්ත නියෝජනය කරමින් ‘ එයාර් වින්ග් ටුවර්ස් සන්වේ හොලිඩේ යුනයිටඩ් ලෙෂර් හා ඉජාෂා ටුවර්ස්‘ යන ආයතනවල විධායක නිලධාරින් සහ විවිද ක්‍ෂේත්‍රවලට අයත් වෘත්තිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙහි ප්‍රධාන නියමුවෝය.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ගයාන් රාජපක්ෂ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ ලෝක ව්‍යාප්ත “රෝඩ් ෂෝ” වැඩසටහන් මගින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය දැක බලා ගැනීමටආරාධනා කිරීම, සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සදහා සෞදි අරාබියා පුරවැසියන්ගේ දායකත්වය ලබා ගැනීම සහ සෞදි ශ්‍රී ලංකා මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවයි.







