ලංකාව - බෙලීස් රාජ්‍ය සමග සබඳතා අරඹයි


(අංජුල මහික වීරරත්න)

බෙලීස් රාජ්‍යය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ගෝතමාලා, සුරිනාම්, බෙලීස්, හොන්ඩුරාස්, නිකරගුවා, ඇන්ටිගුවා හා බාර්බියුද්ධා, බාර්බඩෝස්, ඩොමිනිකා, ග්‍රෙනාඩා, හයිටි, සාන්ත කිට්ස් හා නේවීස්, සාන්ත ලුසියා සහ සාන්ත වින්සන්ට හා ද ග්‍රෙනාඩීන්ස් යන ලතින් ඇමෙරිකා රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව, දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දේශපාලන, සමාජ - ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍ර වල පවතින මිත්‍ර සබඳතා සහ සහයෝගිතාව වැඩිදියුණු කිරීම පිණිස ශ්‍රී ලංකා රජය සහ බෙලීස් රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹීමට කැබිනට් අනුමැතිය ලැබිණි.