පොසොන් පොහොය නිමිත්තෙන් ලංකාදීප කර්තෘ මණ්ඩලයේ දායකත්වයෙන් මහඟු පිංකමක් මහරගම පිළිකා රෝහලේදී අද පැවැත්විණි.
එහිදී ළමා වාට්ටුවේ 100 දෙනකු හට අත්‍යාවශ්‍ය භාණ්ඩ පිරිනැමිණි.
ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වන ඔවුන්ගේ ළමා මනසට සතුට එක් කිරීමත් ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා යම් හෝ සහනයක් ලබා දීමත් මහි අරමුණ විය.
රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයත් මේ පිංකමට සහාය වුහ.

