ලංකාදීපය මව සොයා දෙයි


ඕලන්දයේ කැපකරු මාපියන් සමග ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියකට වසර 34කට පසු ශ්‍රී ලංකාවේ තම මව  දින දෙකකට පමණ පෙර සොයා ගත හැකි විය.

ලංකාදීප එසැණ වෙබ් අඩවිය ජුනි 29 වැනි දා ද ලංකාදීප පත්‍රය ඊට පසුදාත් පළ කළ පුවත දුටු මව තමාට මුණගැසුණු බව වාසනා කියන්නීය.

ත්‍රිකුණාමලයේ සිට දුරකතනයෙන් ලංකාදීපයට කතා කළ වාසනා තම මව සොයාගැනීමට උදව් කළ ලංකාදීපයට අනේකවාරයක් ස්තුති කළාය.

‘මට මගේ අම්මා හම්බුණා. ඒක ලොකු සතුටක්. ‘