ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පුවත්පතක් වන ලංකාදීප පත‍්‍රය මුද්‍රණය කරන සීමාසහිත විජය පුවත්පත් සමාගමට වසර 36 ක් සැපිරීම නිමිත්තෙන් අද (28) සන්ධ්‍යාවේ එම ආයතනයේ සර්ව රාති‍්‍රක ධර්ම දේශනාව ඇරඹිණි.
කොළඹ නව කෝරළයේ ප‍්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බඩ ඥානිස්සර නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පිරිත් දේශනය පැවැත්විණි.
විජය පුවත්පත් සමාගමේ සභාපති හා උප සභාපති සධාතුක කරඩුව පිරිත් මණ්ඩපයේ තැන්පත් කිරිමෙන් පසු එහි සේවකයෙක් සාම්ප්‍රාදායික ලෙස දැහැත් වට්ටිය ඥානිස්සර නාහිමියන්ට පිළිගන්වා පිරිත් දේශනයට ඇරියුම් කළේය.
ඉරිදා (29) උදයේ මහා සංඝරත්නයට හීල් දානය පිරිනැමීමෙන් පිංකම අවසන් විය.

















