ලංකාදීප මාධ්‍යවේදීයාගෙන් පැය තුනක කට උත්තරයක්


පසුගිය 15 වෙනිදා  මැර ප්‍රහාරයකට ලක්වු  අලුත්ගම ලංකාදීප මාධ්‍යවේදී සරත් සිරිවර්ධන මහතා සොයා  ඔහුගේ නිවසට පැමිණි රහස් පොලිසිය ඔහුගෙන් කට උත්තරයක් ලියා ගත්තේය.

 පහර කෑමෙන් බෙල්ලට හා කොඳු ඇට පෙළට  තුවාල සිදුවී ඇති මාධ්‍යවේදියා සිය සුපුරුදු රාජකාරී කර ගැනීමට නොහැකිව සිටී.

වෛද්‍ය උපදෙස් පරිදි සිරිවර්ධන මහතා බෙල්ලට හා තුනටියට ආධාරක පැළඳ සිටී.

රහස් පොලිසීයේ හය දෙනෙක්  පැය තුනක් කට උත්තරයක්  ලියා ගත්තේය.