ලංකාදීප මාධ්‍යවේදී උපාලි ආනන්ද රිය අනතුරක


 
ලංකාදීප අනුරාධපුර අධිකරණ වාර්තාකරු උපාලි ආනන්ද මහතා හා ඔහුගේ දෙහැවිරිදි පුතු මෝටර් රථයක ගැටීමෙන් තුවාල ලබා මහව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත. 

ආනන්ද මහතාගේ ඔහුගේ බිරිදගේ  ගම් ප්‍රදේශය වන මහව බලල්ල ප්‍රදේශයේදී අද (19) සවස 2.00 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

ඔහුගේ මෝටර් රථය අනුරාධපුර දෙස සිට පාදෙනිය දෙසට මුහුණලා මාර්ගයේ පසෙක නවතා තිබී ඇත. නවතා තිබූ මෝටර් රථයේ වම් පස අසුනේ සිඟිති පුතු තබා වෙළඳසැලට ගොස් නැවත පැමිණ රියදුරු අසුනට ගොඩ වෙමින් සිටියදී ඉදිරිපසින් පැමිණ ( පාදෙණිය සිට අනුරාධපුර දෙසට ) මෝටර් රථය උපාලි මහතාගේ මෝටර් රථයේ ඉදිරිපස ගැටී තිබේ.

එම අවස්ථාවේදී උපාලි මහතාගේ මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දෙසට හැරී ඇති අතර මෝටර් රථයේ දොර විවර වී ඔහු මාර්ගය දෙසට විසි වී තිබේ.

අනතුර සිදුවනවාත් සමගම වම් පස අසුනේ සිටි සිඟිති පුතා අසුනෙන් බිමට කාරය තුළටම වැටී සිට තිබේ.

මෙම අනතුරින් උපාලි මහතාගේ මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරති