ඇල්පිටියේ පැවැති විලාසිතා දැක්මක දී ලංකාදීප, ඉරිදා ලංකාදීප, සිරිකත ආදී විජය පුවත්පත් සමාගමේ පුවත්පත් වලින් ඇඳුම් නිර්මාණය කැර ගත් තරුණයකු හා තරුණියක කාගේත් නෙත් සිත් දිනා ගත්තේය.
අම්බලන්ගොඩ ඇක්රා වර්ණ රසායනාගාරයේ සංජය වෙලගෙදර හා ශිවන්ති කුමුදුනී මේ විලාසිතා දැක්මට එක්වූ අතර ඔවුන් දෙදෙනාගේ ඇඳුම් නිර්මාණය කර ඇත්තේ සුනිල් ඉන්ද්‍රජිත් හා වරුණ සඳමාලිය.