ලංකාදීප ඡායාරූප ශිල්පියාගේ ප්‍රදර්ශනය ඕස්ට්‍රේලියාවේ


ඉරිදා ලංකාදීප ඡායාරූප ශිල්පී සඳුන් ගමගේගේ ඡායාරූප ප්‍රදර්ශනයක් 2015 මාර්තු 28 වැනි දා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොබර්ග් නගර ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

විවිධ සංස්කෘතික හා සමාජයීය වැඩ සටහන් ඉදිරිපත් කිරීමේ ද, වික්ටෝරියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව සඳහා වූ ඔස්කා සංවිධානය මෙම ප්‍රදර්ශනය සංවිධානය කරයි.

2004 සහ 2014 දී කොළඹ දී ඡායාරූප ප්‍රදර්ශන පවත්වා ඇති සඳුන් විදේශයක දී ඉදිරිපත් කරන ප්‍රථම ඡායාරූප ප්‍රදර්ශනය මෙයයි.

2015 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟය ද සමඟ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට මනාලියන්ගේ, කලාත්මක ඡායාරූප පෙළක් සමඟ මහ නුවර ශ්‍රී දළදා පෙරහරේ මෙන්ම ශ්‍රී ලංකාවේ පෞරාණික ස්ථාන කීපයක සහ ශ්‍රී ලාංකික ක්‍රිකට් තරු රැසකගේ ඡායාරූප මීට ඇතුළත්ය.

විස්තර  http://www.sacreations.com/ සඳුන්ගේ වෙබ් අඩවියේ සඳහන්ය.

01-copy 04-(4) 08-(3) 09ddd  

sssssDSC_0294 DSC_0398 DSC_1245 DSC_3272 DSC_3368 DSC_3371 DSC_3516

DSC_3202 DSC_3447 DSC_3516