ලංකා සිසුවකුටත් ජපානෙදී බිත්තර ප්‍රහාරයක්


ජපානයේ ටෝසු භාෂා අධ්‍යයන ආයතනයේ නේපාල, වියට්නාම් හා ශ්‍රී ලංකා සිසුන් තිදෙනකුට බිත්තර ප්‍රහාරයක් එල්ළ කළැයි කියන සිසුහු තිදෙනෙක්  ටෝසු පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබුහ.

පසුගිය 20 වැනිදා , මෙම සිද්ධියේ වරඳ  සිසුන්  දෙදෙනකු විසින් පිළිගන්නා ලද  බව පොලීසිය පවසයි.

පසුගිය දෙසැම්බරයේ සිට විදේශ සිසුනට බිත්තර හා මෙයනීස් නම් සෝස්  වලින් අවස්ථා 19 කදී මෙසේ පහර දී ඇතැයි පොලීසිය කියයි.