ලංකා සතොස භාණ්ඩ 6ක මිල තවදුරටත් අඩු කරයි


(යොහාන් භාසුර)

අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (1) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.

පාන්පිටි කිලෝවක මිල රුපියල් 15 කින් ද, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 14 කින් ද, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 11 කින් ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 10 කින් ද, කඩල කිලෝවක මිල රුපියල් 5 කින් ද, දේශීය සුදු නාඩු සහල් කිලෝවක මිල රුපියල් 4 කින් ද, අඩු කළ බවත් ඒ අනුව පාන්පිටි කිලෝවක මිල රුපියල් 210 ක් ද, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 115 ක් ද, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 314 ක් ද, සුදු සීනි කිලෝවක් රුපියල් 229 ක් ද, කඩල කිලෝවක් රුපියල් 545 ක් ද, දේශීය සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 175 ක් ද, දක්වා මිල පහත දැමූ බව සතොස වැඩි දුරටත් කීය.