ලංකා වෘත්තිය සමිති සම්මේලනය මෛත්‍රීට


ලංකා වෘත්තීය සමිති සම්මේලනය එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇතැයි එම සම්මේලනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

හතලිස් ලක්ෂයක් පමණවූ පෞද්ගලික අංශයේ කම්කරුවන් හා පොදු මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට එම තීරණය ගත් බවත් පසුගිය කාලයේ විධායකය විසින් ව්‍යවස්ථාදායකය හා අධිකරණයට බලපෑම් කිරීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් අහුරා ඇති බවත් එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩී.ඩබ්ලිව්.සුබසිංහ මහතා කියයි.