ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයෙන් ආබාධිත රෝගීන්ට උපකාර කිරීම අරමුණු කොට සංවිධානය කළ පැරිස් ශේන් ගඟ අද්දර වසන්තයේ සැඳෑව උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
පැරිසිය දෙකට බෙදමින් නිසලව ගලා බසින ශේන් ගඟ අද්දර රමනීය බෝට්ටුවක සංවිධානය වූ මෙම සැඳෑව චමින්ද ලිවේරා ප්‍රමුඛ පැරිසියේ චායා වයිබ්‍රේෂන් හා ප්‍රංශ රොක් සංගීත කණ්ඩායම් වල සංගීතයෙන් ද ප්‍රංශ නළඟනන්ගේ විවිධ නැටුම් වලින්ද අලෝකවත් වූයේය.
සැඳෑවෙන් ලැබුණු මුදල් ශ්‍රී ලංකාවේ අසරණ වකුගඩු රෝගීන්ගේ සුවසෙත සඳහා යෙදවීමට කටුයුතු කරන බව ප්‍රංශයේ ප්‍රංශ ලංකා සංවිධානය පැරීසියේදී එසැණට පැවසීය.