ලංකා මුහුදට යළි හොරෙන් පනිති


නීතී විරෝධි ක්‍රම භාවිත කරමින්  ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් මරමින් සිටි  ඉන්දීය ධීවරයින් 74 දෙනෙක්  සමඟ ධිවර යාත්‍රා 18 ක්  නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.

ඩෙල්ෆ් දුපතට සහ තලෙයිමන්නාරම ඇතුළු මුහුදු සීමාවේදී මොවුන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර්  කෝසල වර්ණකුලසුරිය කියයි.