ලංකා මුස්ලිම් කවුන්සිලය අයිඑස්අයිඑස් වැඩ හෙළා දකියි


ඉස්ලාම් දහමේ නාමයෙන් අහිංසක මිනිසුන් ඝාතනය කිරීම වහාම නවතන ලෙස ඉස්ලාම් රජ්‍යක් සඳහා සටන් කරන අයිඑස්අයිඑස් සංවිධානයේ නායක අබු බක්‍රාල් බැග්ඩාඩිගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කියයි.

ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය පිහිටුවන බව කියමින් තමන් විසින්ම පත් කර ගන්නා ලද එම සංවිධානයේ ඝාතන තරයේ හෙළා දිකින බවත්, අහිංසක වැසියන්, මාධ්‍යවේදීන් සහන සේවකයන් හා නිලධරයන් ඝාතනය කිරීමේ ඔවුන්ගේ ක්‍රියාව මහමද්තුමාගේ ඉගැන්වීම්වලට පටහැනි බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සඳහන් කරයි.