ලංකා මාළු යුරෝපයට යන හැඩයි


ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනට සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති තහනම ඉවත් කිරීම පිළිබඳව සලකා බලන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩේවිඩ් ඩේලි මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ පවසා ඇත.

අරලිය ගහ මැදුරේ පැවති එම හමුවේදී ඩේවිඩ් ඩේලි මහතා ශ්‍රී ලාංකික ජනතාවගේ මානව හිමිකම් තහවුරු කිරීම උදෙසාත්, සංහිඳියාව ගොඩනැංවීමටත් වත්මන් රජය ගෙන ඇති වැඩපිළිවෙළ ගැන සිය ප්‍රසාදය පළ කරන බව කියා ඇත.

යුරෝපා සංගමය අතීතයේ සිටම ශ්‍රි ලංකාවට ලබාදුන් ආධාර සහ සහයෝගය පිළිබඳව මෙහිදී සිහිපත් කළ ජනපතිව මෛත්‍රිපාල සිරිසේන මහතා ජී.එස්.පී ප්ලස් සහනය නැවත මෙරටට ලබාදීමට කටයුතු කරන ලෙසද තානාපතිවරයාගෙන් ඉල්ලීය.