ලංකා බැංකුවට ‘ගිනි‘ පෙරහුරුවක්


ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවාරන හා ජිවිත ගලවා ගැනීමේ  ඒකකය,  කොළඹ ගිනි නිවාරන ඒකකය සමග එක්ව හදිසි ගිනි ගැනිමකදී ක‍්‍රියාකල යුතු ආකාරය පිළිබදව ලංකා බැංකු ගොඩනැගිල්ලේදී අද පෙරහුරු සරඹයක් කළේය.

මෙම වසර තුල ගුවන් හමුදාව විසින් සිදුකරන ලද 12 වන සරඹය වන අතර කොළඹ ගිනි නිවාරන ඒකකය නියෝජනය කරමින් 15 ක් ද, ගුවන් හමුදා ගිනි නිවාරන ඒකකය නියෝජනය කරමින් ගිනි නිවීමේ  භටයියෝ 45 ද මෙම පුහුණු අභ්‍යාසය සදහා සහභාගි වූහ.

ලංකා බැංකුවේ සේවය කරන පුද්ගලයින් හට හදිසි  අවස්ථාවකදී ක‍්‍රියාකල යුතු අකාරය පිළීබදව මෙම නිදර්ශණය මගින් මනාව අවබෝධ කර දීම අරමුණ වු අතර 1500 ආසන්න සේවයකයෝ  පිරිසක් මෙම පුහුණු අභ්‍යාසය සදහා සහභාගි වූහ.

මෙහිදී පහල මාලවල සිටින පුද්ගලයින් හට  ‘ජමිප් ශිට්‘ නමි වු වායු මෙටිටයකට පැනීමට සැලැස් වු අතර  ඉහල මහල වල සිටින පුද්ගලයින් ‘සේෆ්ටි රෝප්‘ නමි වු කඹ ආධාරයෙන් මුදවා ගැනිමි සිදු කළේය.

මීට අමතරව  ‘ස්කයි ලිෆ්ට් බ්‍ බ්‍රොන්ඩෝ‘ නමි වු ගිනි නිවීමේ  පුද්ගලයින් බේරා  ගැනීමට හැකියාව ඇති ඉහලට එසවිය හැකි වාහනයක්ද ගුවන් හමුදා ගිනි නිවාරන භටයෝ  යොදා ගත්හ.

‍මේ සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ  ප‍්‍රධාන ගිනි නිවාරන භාර නිලධාරි ගෲප් කැප්ටන් පී.එමි.සී.පී ඩයස් ,ගිනි නිවාරණ ඒකකයේ අංශභාර නිලධාරි ස්කොඩ‍්‍රන් ලීඩර් චමිල හෙටිටිආරචිචි යන නිලධාරින්ගේ මග පෙන්වීමෙන් සිදු කෙරුණු අතර මේ  සදහා ගිනි නිවීසේ  භටයෝ  35 දෙනෙකු පමණ සහභාගි වූහ.