ලංකා බැංකුව රියාද් සමුළුවක


 සෞදි අරාබියේ නේවාසිකව සිටින  ලංකා බැංකු  කලමනාකාරීතවය විසින්  සංවිධානය කැරුණු  ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩ  මුළුවක් පසුගිය සිකුරාදා සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ අල් කොබාර් අල්  රියාද් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සිකුරාදා දින සන්ධ්‍යා භාගයේදී  ඇරැඹුණු මෙම වැඩසටහන සදහා  ලංකා බැංකුවේ කොළඹ කාර්යාලයයේ විශේෂ නිලධාරීයෝ පිරිසක්  සහභාගී වුහ.ජ්‍යෙෂ්ඨ  සහකාර කළමනාකාර එම්.කේ ඩබ්ලිව්. ගුණතිලක,ව්‍යාපාර  ප්‍රවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ කලමනාකාර  ඩබලිව් ජී. ජයවික්‍රම සහ එන සම්ප්‍රේෂණ  අංශ විධායක නිලධාරී කැල්මින් විජේසුරිය මහත්වරු ඊට එක්වුහ.

වසර 70 ක අඛණ්ඩ අතීතයක් ඇති  ලංකා බැංකුව මේ දක්වා ලබා ඇති සාර්ථකත්වය මෙන්ම ශ්‍රී ලාංකික  ජන සමාජය තුල කරන ලද ජාතික මෙහෙවර  පිළිබඳ දීර්ඝ විස්තරයක්  ඇතුළත් දේශනයක්  එහිදි පැවැත්විණි.

විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවද තම බැංකුව මගින්  මව්බිමට මුදල් සැපයීමේ රටෙත් ජාතියෙත් සංවර්ධනය සදහා  දායක වන ලෙසද  ඔවුහු ඉල්ලා සිටිති. 

ලංකා බැංකුවේ  කාර්යභාරය පිළිබදව විවිධ තේමාවන් ඔස්සේ  සංවාදාත්මක අදහස් හුවමාරුකර ගැනීම  මෙම වැඩමුළුවේ  ප්‍රධාන අංගයක් විය.

මියුරු රූ සර සංගීත වාද්‍ය වෘන්දයක්ද  රාත්‍රි භෝජන සංග්‍රහයක්ද  සංවිධානය කැර තිබිණි.

 මෙම වැඩමුවව සදහා  සෞදි අරාබියේ අල් රාජ් බැංකු ජාලයේ  ශ්‍රී ලාංකික නියෝජිතයින් වන එම් නවරත්නම් සහ මොහොමද් ඉක්බාල් මහත්වරුන්ද සහභාගී වුහ.

 ලංකා බැංකුවේ සෞදි අරාබියේ  නේවාසික නියෝජිතයින් වන බුද්ධික අමිල,සුපුන් මධුශංක හා අමිල කිත්සිරි යන මහත්වරුද සමුළු සංවිධායකයෝය.