2007 දී ශ්‍රී ලංකාවෙන් ඩුබායි ගිය පවුලක් සිය ව්‍යාපාරය කඩා වැටීමෙන් පසු ඕමානයේ සැඟවී සිටීයදී අත්අඩංගුවට ගෙන ඩුබායි වෙත පිටුවහල් කළ බව මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක එම් එම් දේශප්‍රිය මහතා කියයි
ආර් එෆ් නමින් හැදින්වු ශ්‍රී ලාංකිකයා (40) සී පී නම්න් හැදින් වු බිරිය හා වයස අවුරු 2-10 දක්වා වන දරුවන් සිව් දෙනාද සමඟ ඩුබායි නුවරින් පැන ගොස් ඇත්තේ ඔහුගේ ව්‍යාපාර චෙක්පත් අගරු වීම නිසාය.
ශ්‍රී ලංකාවට ඒමට ඔහු මස්කට් තානාපති කාර්යාලයෙන් හදිසි ගමන් බලපත්‍රයක් ඉල්ලන්නට ගිය අවස්ථාවේ ඔහුගේ වංහුං හොයාගෙන ඇත.
ඔහුගේ මුදල් හා ගමන් බලපත්‍ර ඕමානයේදී සොරාගෙන ඇතැයි ඔහු පැවසුවද අනවසරයෙන් ඕමාන් ආ බව පිළිගත්තේය.

