ලංකා නිදහස සෞදියේදී සැමැරේ


නිදහස් සමරු උළෙල සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාල පරිශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් පැවැතියේය.

රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ වැඩබලන තානාපති සිරිපාල ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම නිදහස් සමරු උළෙල වැඩ බලන තානාපති ඇතුළු කාර්ය මණ්ඩලය විසින් චිරාගත පොල්තෙල් හා දැල්වීමෙන් ආරම්භ වූ අතර, සිංහල, ද්‍රවිඩ, ඉංග්‍රිසි හා අරාබි භාෂාවලින් සියළු ආගමික වතාවත් සිදුවිය.

අගමැති හා විදේශ ඇමැතිගේ නිදහස් සමරු පණිවුඩ කියවීමද සිදුවිය. නිදහස් දින සමරුව පිළිබඳව විශේෂ දේශනයක් පැවැත්වූ ගම්මන්පිල මහතා පැවැසුවේ ශ්‍රී ලංකාවේ නිදහස පැවැතිම සමග විදේශගත ශ්‍රමිකයන්ගේ නිදහස වෙනුවෙන් යම් කැපවීමක් කළ යුතු බවයි.  සෞදි අරාබියේ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වාර්ශිකව අප මවුබිමට බැර කරන අති විශාල රට සල්ලි ප්‍රමාණය අමතක නොකළ යුතු බවත් ඔවුන් වෙනුවෙන් සහ ඔවුනගේ සුරක්ෂිතභාවය වෙනුවෙන්  සේවය කිරීම නව තානාපති කාර්යලයයේ වගකීමක් බවත් ඉදිරියටත් තම සේවය ශකිත්මත්ව කරගෙන යාම තම අරමුණ බවත් ඔහු කීවේය.