ලංකා තාරුණ්‍යට සවිය දෙන සැලසුම බිම්ස්ටෙක් සමුළුවට


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ නව රජය තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සදහා සකස් කර ඇති සැලසුම ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ අහමදාබාද් හි බිම්ස්ටෙක් සමුළුවට අද ඉදිරිපත් කෙරිණි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත භාෂණ ගමගේ මහතා එම සැලසුම සමුළුවට ඉදිරිපත් කළේය. 

ශ්‍රී ලංකාව මේ වන විට ආරම්භ කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හා දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘතින් සදහා තරුණයින් දායක කරගෙන ඇති ආකාරය පිළිබදව මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිලි කළේය. 

තරුණ තරුණියන් වෙනුවෙන් ක්‍රියාත්මක වන වෘත්තීය අධ්‍යාපනික වැඩසහටන්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා ඒ ඔස්සේ තරුණ තරුණියන් ආර්ථික සංවර්ධනයට දායක කරගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව මන්ත්‍රීවරයා  අදහස් පළ කළේය. 

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු නියෝජිතයන් මෙම සමුළුවට සහභාගිවී සිටින අතර හෙට (11)තෙක් බිම්ස්ටෙක් සමුළුව පැවැත්වෙයි.