ලංකා කුඩු කප්පිත්තෙක් අරාබියේදී අල්ලයි


ඈෂ් නමින් හඳුන්වන තහනම් මත්ද්‍රව්‍ය විකිණීම බෙදා හැරීම හා ළඟ තබා ගැනීම මත ශ්‍රී ලාංකිකයෝ හතර දෙනෙක් රියාද් නුවර බතා නගරයේදී දීරා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

රියාද් තානාපති කාර්යාලයයේ ප්‍රකාශකයකු පැවසුවේ තහනම් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් මෙම ශ්‍රී ලාංකිකයන් හතර දෙනාට තමන් රැකියාව කළ ආයතනයෙන් පලා ගොස් නීතිවිරෝධීව රැඳී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලාංකිකයන් හට විකිණීම සහ බෙදා හැරීම කර ඇත. සෞදි අරාබි මුස්ලිම් පූජක වරුන්  ඔත්තුකරුවන් මගින් කළ මේ වැටළීමෙන් ඈෂ් කූරු 15ක්  සොයාගෙන ඇත.

එහි වටිනාකම සෞදි රියාද් 1500කි. (රුපියල් 51000කි)

ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියකු පැවැසුවේ මහ මොළකරු අනුරාධපුරයේ අයකු  බවයි. ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් තිදෙනකු ද මොහුට සහාය වී ඇති බව කියති.

ආරක්ෂක අංශ තොරතුරු අනුව මොවුන් ගණිකා මඩම් හා කසිප්පු ජාවාරම් ද කරතියි කියති.

මේ අතර එක් ශ්‍රී ලාංකිකයකු හදිසියේ තානාපති කාර්යාලයට කඩා පැන තානාපති නිලධාරියකුට පහරදීමට තැත් කිරීමේදී තානාපති ආරක්ෂක අංශ පොලීසිය කැඳැවීය. පොලීසිය ඔහු අත්අඩංගුවට අත්අඩංගුවට ගනු ලැබීය.