ඕස්ට්‍රේලියා ජාතික දිනය අද (26) ඉතා චාම් අයුරින් වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න්හිදී පැවැත්විණි. බ්‍රිතාන්‍ය ජාතික කපිතාන්වරයකුවූ ජේම්ස් කුක් 1777.04.19 වැනි දින ඕස්ට්‍රේලියාවේ දකුණු සිඩ්නි නුවර බොටර්නිබේ හරහා පැමිණ ඕස්ට්‍රේලියා භූමියේ ඉංග්‍රීසි ධජය ඔසවන ලද නමුත් 1901 දී එංගලන්තයේ රැජිනගේ කිරීටය යටතේ ඕස්ට්‍රේලියාව ප්‍රාන්ත හයකට වෙන් කරන ලදි.
අද පැවැති 114 වැනි ජාතික සැමරුම් දිනයට ඕස්ට්‍රේලියාවේ සුදු ජාතිකයන්ට අමතරව විවිධ රටවලින් පැමිණ මෙම භූමියේ ජීවත්වන ජන කොටස් ඔවුන් උපන් දේශයන්හි සංස්කෘතිකාංග එක් කළහ. ශ්‍රී ලංකාවේ ජාතික අභිමානයද ඔපවත් කරමින් ශ්‍රී ලංකා ධජ, බෙර වාදන මෙන්ම ක්‍රිකට් ක්‍රීඩා ඇඳුමින් සැරසුණු යෞවනයෝද මහා මාර්ගය දෙපසේ රැඳී සිටි දහස් සංඛ්‍යාත ජනතාවගේ සතුටට බඳුන් වූහ.














