ලංකා සතොස භාණ්ඩ මිල තවත් අඩු කරයි


(යොහාන් භාසුර)

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 7 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

එම භාණ්ඩ අඩු කළ මිලට අද (9) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 75 කින්, රතු පරිප්පු කිලෝවක් රුපියල් 19 කින්, පාන්පිටි කිලෝවක් රුපියල් 15 කින්, සුදු සීනි කිලෝවක් රුපියල් 11 කින්, දේශීය රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 9 කින්, දේශීය සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 7 කින් සහ ලොකු ලූණු කිලෝවක් රුපියල් 6 කින් අඩු කළ බව සතොස කියයි.

ඒ අනුව වියළි මිරිස් කිලෝවක් රුපියල් 1500 කට, රතු පරිප්පු කිලෝවක් රුපියල් 339 කට, පාන්පිටි කිලෝවක් රුපියල් 230 කට, සුදු සීනි කිලෝවක් රුපියල් 218 කට, දේශීය රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 155 කට, දේශීය සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 188 කට සහ ලොකු ලූණු කිලෝවක් රුපියල් 129 කට මිලදී ගතහැකි බව ද ලංකා සතොස වැඩි දුරටත් සඳහන් කරයි.