ලංකා- මහජන බැංකුවල අක්‍රමිකතා හොයන්න ජනපති කොමිෂන් සභාවක් ඉල්ලයි


 ( ජයන්ත සමරකෝන් ) 
 
වැඩිම  වත්කමක් හා වැඩිම  ජනතා විශ්වාසයක් දිනු  ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ  සිදු වී ඇති දුෂණ, වංචා සම්බන්ධයෙන්  සොයා බැලීම සඳහා  පුර්ණ බලතල ඇති ජනාධිපති විමර්ශන කොමිසන් සභාවක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව  ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල  ගුණවර්ධන මහතා පැවසීය.
 
 මෙය මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසමට සමාන එකක් විය යුතු බවද හෙතෙම පැවසීය.
 
 පුංචි බොරැල්ල වජිරාඝ්‍රමයේදී  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි මන්ත්‍රීවරයා මේ බව  සඳහන් කළේය.