
(අංජුල මහික වීරරත්න)
දඬුවමට නියම වූ තැනැත්තන් බාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය සහ ලැට්වියා ජන රජය අතර එළඹි ගිවිසුමට අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේදී වරදකට වරදකරුවකු කරනු ලැබූ යම් නිශ්චිත රටක පුරවැසියකු ඒ රටට බාර දීම පිණිස විධිවිධාන සැලැස්වීම සඳහා ද, යම් නිශ්චිත රටකදී වරදකට වරදකරුවකු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ යම් පුරවැසියකු ශ්‍රී ලංකාවට බාර දීම පිණිස විධි විධාන සැලැස්වීම සඳහා ද 1995 අංක 5 දරන වරදකරුවන් බාරදීමේ පනත හඳුන්වා දී ඇත.
කෙසේ වුව ද, මෙම පනතේ විධිවිධාන අදාළ කර ගැනීම සඳහා අදාළ දෙරට ඒ සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹ තිබීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව හා ලැට්වියා ජන රජය යන රටවල් දෙකෙහි බලපවත්නා නීතියට අනුකුලව ඇති කර ගත් එකඟතාව පරිදි වරද කරුවන් භාරදීම සම්බන්ධයෙන් දෙරට අතර ගිවිසුමකට එළඹීම සඳහා 2023-12-05 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අදාළ ගිවිසුමට අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව, එකී ගිවිසුම අපරානුමත කිරීමටත් වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගැනීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

