සිය නීත්‍යනූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට ඇප නියම කිරීමේදී මසකට වරක් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස පනවා තිබු ඇප කොන්දේසිය ඉවත් කළ කොළඹ මහාධිකරණය ඔහුට මසක කාලයක් ජපානයේ හා ඉතාලියේ සංචාරය කිරීමටද අවසර දුන්නේය.
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට ජපානයට හා ඉතාලියට යෑමට අවශ්‍ය වී ඇති හෙයින් ඔහුගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අබේගුණවර්ධන මහතාට ඒ සඳහා අවසර දුන්නේය.
ඒ අනුව ලබන මාර්තු මස 15 වැනිදාත් අපේ‍්‍රල් මස 20 වැනිදාත් අතර කාලයේ විදේශ ගත වීමට විත්තිකරුට අවසර දුන් අතර යළි ලංකාවට පැමිණි පසු විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණයට බාර දෙන ලෙසද විනිසුරුවරයා විසින් විත්තිකරුට නියම කරන ලදි.

