රෝහිණි කියන ආණ්ඩුවේ කුපාඩි මිනිහා කවුද?


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ගුරුවරියන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ  කුපාඩි මිනිහකු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගත යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි  කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ රාජ්‍ය පරිපාලන පළාත් සභා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.

ගුරුවරියන් පහසු ඇඳුමක් ඉල්ලන්නේ දරුවන්  රැගෙන පියවරුන් සමග යෑමට බවට ඒ කුපාඩි මිනිහා  ප්‍රකාශ කර ඇති බව පැවසූ මන්ත්‍රීවරිය එම ප්‍රකාශය සමස්ත ගුරුවරියන්ට මෙන්ම පියවරුන්ටද කළ අපහාසයක් බව සඳහන් කළාය.