රෝහලේ අඹේ හබේ උසාවියේ


කළුබෝවිල රෝහලේ අඹ ගසකින් අඹ ගෙඩියක් කැඩීයැයි සුළු සේවක වසන්ත ප්‍රියලාල්ට පහරදුන් බව කියන හෙද නිලධරයන් දෙදෙනකු රුපියල් දහසක මුදල් හා රුපියල් 25000 බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.

ඉන්දික රාජපක්ෂ ජයසිංහ හා ආර් ඩී ජේ රාජපක්ෂ ඇප ලැබුවෝ වෙති.