(සුජිත් හේවාජුලිගේ )
රජයේ රෝහල්වල ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතා කෙරෙන්නේ දැයි සෙවීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ප්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි නොකෙරුණු බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන්
තොරතුරු රැසක් ලැබීම සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවයි.
ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු දිගින් දිගටම වාර්තා වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට වෙනම කණ්ඩායමක් යෙදවීමටද රජයේ විගණකාධිපතිවරයා තීරණය කර ඇත.
මේ අතර ඖෂධ මිලදී ගැනීම් ගැනීම සහ ඒවා බෙදා හැරීම බෙදා හැරීම සම්බන්ධ පරිගණක පද්ධතිය පිළිබඳවද දැනටමත් විමර්ශනයක් කරගෙන යන බව
පැවසූ රජයේ විගණකාධිපතිවරයා ඒ විමර්ශන දැනට අවසන් අදියරේ පවතින බවද ප්‍රකාශ කළේය.
එම විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන බව වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර රජයේ රෝහල්වලදී පසුගිය දිනවල සිදුවූ මරණ කිහිපයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලට චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු යම් යම් කණ්ඩායම් පැවසුවේ බාල ඖෂධ භාවිතය හේතුවෙන් මෙම මරණ සිදුවූ බවයි.

