මොරගහහේන වත්තේකඩේ මගුල්ගෙදරකට යමින් සිටි පානදුර රෝහල් සේවකයකු පාරේ සිටි ගැහැණියකට පහර දෙනු දුටු පවුල් සේවිකාවක රණ්ඩුව බේරීමට එතැනට ගියාය.
රෝහල් සේවකයා ඇයට ද පහර දුන්නේය.
ඒ රණ්ඩුව දුටු මගුල් ගෙදරට ආ මිනිස්සු රෝහල් සේවකයාට හොඳටම පහර දුන්හ.
රෝහල් සේවක පානදුර රෝහලට ද, පවුල් සෞඛ්‍ය සේවිකාව හොරණ රෝහලට ද ඇතුළත් කරනු ලැබ සිටිති.