රෝහල් ලෙඩ කළ වැඩවර්ජනයට තහංචි


වැටුප් විෂමතා ඉවත් කිරීම,රුපියල් දහදාහක රාජකාරී බාධා හා ප්‍රවාහන  දීමනාවන්  ලබා ගැනීම  ඇතුළු  ඉල්ලීම් හයකට  විසදුම් ඉල්ලා හෙද පරිපුරක අතුරු වෛද්‍ය සේවකයන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් අද (27) පැවැත්වු  හා හෙට පැවැත්වීමට නියමිතව තිබු  දීප ව්‍යාප්ත වැඩ වර්ජනය  වලකාලමින්  කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (27) වාරණ නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය දින 14 ක කාලයක් බලපාන පරිදි  නිකුත් කැර ඇති අතර මෙය ගොනු කරනු ලැබුයේ හෘද රෝගියකු ගොනු කළ  පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවය

උදෑසන වැඩවර්ජනය ඇරැඹිමත් සමග  රෝහල් සේවා ද අඩපණ විය.කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ගැනීම සදහා පැමිණෙන පිරිසට රෝහල් නිර්දේශ මත ඔසු සල් මගින් නොමිලේ  බෙහෙත් නිකුත් කළේය.