රෝහල් බිල ගෙවන තුරු දියණිය ‘හිර අඩස්සියේ‘


අපරික්ෂාකාරීව සහ නොසැළකිලිමත් ලෙස සැත්කමක් සිදුකිරීම නිසා මගේ බිරිය මිය ගියා. දහතුන් හැවිරිදි දියණියට ආදරණීය මවක් නැතිවුණා. මගේ බිරියගේ ජීවිතයට සිදුවූ හානිය සම්බන්ධයෙන් වරදකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවායැයි තුම්මෝදර වග ඉරිදාපොල පදිංචිකරුවකු වන ජී උපාලි ගුණතිලක මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කියා සිටියේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා  ඉදිරියේ සාක්කි දෙමින් ඔහු මෙසේ කියා සිටියේ සිය බිරිය වූ දයානි හේමමාලා (35)  මහත්මියගේ මරණය සම්බන්ධයෙන් පැවැති මහේස්ත්‍රාත් සාක්කි විමසීමේදීය.

නිරෝගීව සිටි කාන්තාවක අපරික්ෂාකාරීව හා නොසැලකිළිමත් අන්දමින් සැත්කමකට භාජන කර ඇගේ ජීවිතය අන්තරාකාරී තත්ත්වයකට පත්කීරීම සහ එකී කරුණු හේතුකොට ගෙන ඇයගේ මරණය සිදුවීම ගැන 2012 ඔක්තෝබර් 4 වැනිදා පොලිසියට කර තිබුන පැමිණිල්ලට අනුව මෙම සාක්ෂි විමසුම පැවැත්වේ.අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සරත් සිරිවර්ධන මහතා සමග පෙනී සිටි නීතිඥ ඒ.එම්.එස්. මිස්බා මහතාගේ මෙහෙයවීමෙන් තවදුරටත් සාක්ෂි දුන් උපාලි ගුණතිලක මහතා මෙසේද කියා සිටියේය.

‘මගේ බිරිය සැත්කමකට භාජන කළා. දොස්තර මහතාගේ වැරදීමකින් බිරිය මියගියා. එවකට මා සේවය කළේ එක්සත් රාජධානියේ. මම හැමදාම ගෙදරට කතා කරනවා. බිරිය එක දවසක් කිව්වා කැරකිල්ලක් තියෙනවා කියා. මම කීවා දොස්තර කෙනෙකුට පෙන්නන්න කියා. ඒ අනුව ඇය මහාචාර්ය රන්දෙ‚ය ළඟට ගොස් තිඛෙනවා. එතනදී ඔහු ඇය පරීක්ෂා කර බලා ඩිම්බ කෝෂයේ ගෙඩියක් තිඛෙනවා යැයි කියා තිඛෙනවා.

ස්කෑන් පරීක්ෂණයක් කරලා අපි ඉන්ජෙක්ෂන් එකක් ගහලා මෙය මැඩපවත්වමු යැයි වෛද්‍යවරයා කියා තිඛෙනවා.

වෛද්‍යවරයාගේ උපදෙස් අනුව මගේ බිරිඳ රුපියල් 20,000 බැගින් ඉන්ජෙක්ෂන් තුනක් මාසයකට එක බැගින් ලබාගෙන ඇතත් ප්‍රතිඵලයක් නොලැබුණු නිසා වෛද්‍යවරයා ශල්‍යකර්මයකට දින නියම කර තිඛෙනවා.

ශල්‍යකර්මය කරන්නට පෙර මා එංගලන්තයේ සිට දොස්තර මහතාට හැම මොහොතකම කතා කළා. එයා මේවගේ ඔපරේෂන් දහස් ගණනක් කරලා තියෙනවා කීවා. සැත්කම කරන විට එයට බඩවැල් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු සම්බන්ධ වෙනවා කිව්වා. නමුත් මේ ඔපරේෂන් එක කරලා තිබුණේ බඩවැල් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවයි.

අප්‍රේල් 5 වැනිදා සිට 9 වැනිදා වනවිට මගේ බිරිඳට හුඟක් අමාරු වුණා. මා හැම තිස්සේම කතා කළත් අදාළ වෛද්‍යවරුන් හෝ හෙදියන් ලෙඩාට අමාරු බව මට කීවේ නැහැ. ඇය හොඳින් ඉන්නා බව පමණයි මට පැවැසුවේ.
බිරිඳ නැවත සැත්කමක් කර හදිසි ප්‍රතිකාර ඒකකයට යවා තිබුණා. ඊට පස්සේ මගේ නංගි වෛද්‍යවරයකුගෙන් අසා තිඛෙනවා රෝගියාට කොහොමද කියලා. එයාට ජීවත්වෙන්න වාසනාව තියෙන්න ඕනෑ මට සාත්තර කියන්න බැහැ. පැය 24ක් යනතුරු මොකවත් කියන්න බැහැ. ස්වභාව ධර්මය අනුව යම්කිසි දෙයක් වුණොත් එය බාරගන්න ලැස්තිවෙලා ඉන්න කියා වෛද්‍යවරයා කියා තිඛෙනවා. පසුව මමත් දොස්තර මහතාට කතා කළා. මොකුත් කියන්න බැහැ කියා දොස්තර මහතා කීවා.

අප්‍රේල් 17 වැනිදා ඔයාලගේ ලෙඩා කළුබෝවිල ගෙනියනවා. හෙට උදේ 7.00ට එන්න කියා මගේ බිරිඳ ළඟ සිටි ඥාතීන්ට රෝහලෙන් කියා තිඛෙනවා. මේ වනවිටත් ලක්ෂ දෙකකට අමතරව තවත් ලක්ෂ දෙකක් විතර රෝහලට ගෙවලයි තිබුණේ.

මගේ ඥාතීන් රෝහලට යනවිට එහි ලොබියේ ඇඳක දමා ලෙඩාට බටදාලා තියෙනවා දැක තිඛෙනවා. අපි මෙයාව කළුබෝවිලට අරින්න ඕනෑ. ඉතුරු සල්ලි ගෙවන්න කියලා රෝහලෙන් කියා තිඛෙනවා. එතකොට ලක්ෂ 10ක බිලත් අතට දීලා තිබුණා.

බිරිඳගේ පොතේ තමයි සල්ලි තුබණේ. එයා අසනීප නිසා සල්ලි ගහන්න විදියක් තිබුණේ නෑ. දුව මට කතා කරලා කීවා මගේ මස්සිනාගේ පොතට ඉක්මනට සල්ලි එවන්න කියලා. මගේ බිරිඳ කළුබෝවිල රෝහලට මාරුකර තිබුණේ අපෙන් කිසිම අත්සනක්වත් නැතිවයි.

සල්ලි ගේන්න වෙලාවක් යන නිසා මගේ මස්සිනා කෑගහල තියෙනවා, ලෙඩාව දැඩි සත්කාර ඒකකයට දාන්න නැත්නම් කළුබෝවිල යවන්න කියා.

මගේ බිරිඳ අමාරුවෙන් හුස්ම ගන්නා නිසා ඇය කළුබෝවිල යවලා මගේ දුව වෙනම කාමරයකට අරන් තිබුණා. ඉතුරු සල්ලි ගෙවලා දුව නිදහස් කර ගන්න කියා තිබුණා. පසුව මගේ මස්සිනා ඉතුරු සල්ලි ගෙනත් බිල ගෙවලා නර්ස්ට එය පෙන්නලා. දුව කාමරයෙන් එළියට අරන් තිබුණා.
දොස්තර මහතා තීරණය කර තිබුණා බඩ විවෘතව තබන්න. එදා ඉඳන් මගේ බිරිඳගේ බඩ විවෘතවයි තිබුණේ. කන බොනදේවල් එලියට එනවා.

මම ලංකාවට ඇවිත් කෙලින්ම කළුබෝවිල රෝහලට ගියා. මට මගේ බිරිඳ  හදුනාගන්න බැරිවුණා. මම ලක්ෂ 5ක් පමණ වියදම් කරලා ඛෙහෙත් අරන්දුන්නා.

වෛද්‍යවරයෙක් කීවා මට කතා කරන්න ඕනෑ කියලා. ඒ මහතා මගේ බිරිඳගේ රෝගී තත්ත්වය  සම්පූර්ණයෙන්ම මට පැහැදිලි කලා. එයාගේ බඩවැල් හයපොලකින් හානිවෙලා ආහාර දිරවන නාලය ගොඩක් හානිවෙලා තිඛෙනවා. ඇසිඩ් අම්ලය කාන්දුවෙලා බඩවැල් නරක්වෙලා කීවා.

ඒගොල්ලන්ට හොයා ගන්න බැරි ස්ථාන තිඛෙනවා. ඒ නිසා ඕපන් කරලා (විවෘතකර) තිඛෙනවා කිව්වා.  බිරිඳගේ ජීවිතය ගැන විශ්වාසයක් තබා ගන්න එපා කියා මට කීවා. මා දැඩි සත්කාර ඒකකයේ සිටින දොස්තර මහත්වරුන් සමග කතාකළා. ඒගොල්ල කීවා ජීවිතේ ගොඩදාන්න බැරි තත්ත්වයකට විනාශ කරලා තමයි එවලා තිඛෙන්නේ කියා.

මගේ බිරිඳගේ තත්ත්වය එන්න එන්නම බරපතල අතට හැරුණා. මගේ බිරිඳ නොවැම්බර් 23 වැනිදා මියගියා.

මට ආදරණීය බිරිඳත් නැතිව ගියා. අපි විවාහ වුණේ වසර 7ක කාලයක් ආදරවන්තයන් ලෙස ඉඳලයි. මගේ 13 හැවිරිදි දැරියට ආදරණීය මවක් නැතිවුණා. මගේ දුවයි බිරිඳයි ගහයි පොත්තයි වගේ හිටියේ.
මම එංගලන්තයේ මාසයකට රුපියල් ලක්ෂ 5ක් පමණ උපයමින් කළ රස්සාව නැතිවුනා. මගේ බිරිඳ තරුපහේ හෝටල්වලට කැපූ මල් සැපයීමේ ව්‍යාපාරත් පවත්වාගෙන ගියා. අපි එංගලන්තයේ පදිංචියට යන්නයි හිතාගෙන හිටියේ. මේ සියල්ලම නැතිවුණා.
මට මුදල් නොතිබුණානම් බිරිඳ මිය යන්නේ අප්‍රේල් මාසයේදීමයි. රුපියල් ලක්ෂ 16ක් පමණ මට වියදම් වවුණා. ඛෙහෙත්වලට ඊට අමතරව රුපියල් ලක්ෂ 10ක විතර රෝහල් ගාස්තු ලෙස වියදම් වුණා. මගේ 13 හැවිරිදි දිය‚යට අම්මා ළගින්ම ඉන්න අවශ්‍ය කාලයේදී ඇය නැතිව ගියා.
වැඩිදුර සාක්ෂි විමසුම මෙම 28 වැනිදාට කල් තැබිණි.