මොරැන්තුඩුව ඉපිලිස්ස පාලම යටින් සොයා ගත් නාඳුනන මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා භාර ගැනීමට කළුතර නාගොඩ රෝහල හා පානදුර රෝහල ප්‍රතික්ෂේප කළ බව පොලිසිය කියයි.
එම නාඳුනන සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරන ලෙස කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධරයාට නියෝග කළ අතර සිරුර නාගොඩ රෝහලට යැවීය.
නාඳුනන සිරුරු භාර ගත නොහැකි බව කියමින් එහිදී සිරුර භාර නොගැනීම නිසා පානදුර රෝහලට ගෙන ගියත් එයින් ද පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර භාර ගෙන නැත.
එම නිසා සිරුර තිබූ ස්ථානයට ගෙන ගොස් යළි මහේස්ත්‍රාත්ට දැනුම් දෙන බව පොලිසිය පවසයි

