අවුරුදු සමයේ කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ නිවසින් බැහැරව සිටියදී කොළඹ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරයකුගේ නිවසින් රුපියල් තිස් පන්ලක්ෂයක රන් බඩුද, රුපියල් 15,000ක් ද සොරකම් කළැයි සැකපිට රියදුරෙක් හා ආරක්ෂකයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබුහ.
සැකකරුවෝ චෝදනාවට වරද පිළිගත්හ.
එහෙත් වරදේ ස්වභාවය අනුව ඔවුන් යළි රිමාන්ඩ් කර පෙර වැරදි ඇත්දැයි සෙවීමට ඇඟිලි සලකුණු ගන්නැයි මහේස්ත්‍රාත් නියෝග කළේය.
ගල්නෑවේ අසංක චාමර හා රඹුක්කන අනුරුද්ධ ඉන්දික එම දෙදෙනාය.